දත්ත හා තොරතුරු

   දත්ත යනු 

දත්ත යනු , අවිධිමත්, අසංවිධිත , අර්ථ විරහිත අංග සමුහයකි.

එදිනෙද හමුවන සංඛ්‍යා,පින්තුර,සිද්ධි වැනි දෑ දත්ත ලෙස ගත හැක. 
   දත්ත වල ලක්ෂණ 
සැකසීමකට භාජනය කල නොමැති බැවින් අර්ථවත් බැවින් අඩුය.
විවිධ ආකාර වලින් පැවතිය හැක.
ප්‍රයෝජනවත් හෝ නොවිය හැක.
දත්ත, තොරතුරු සැකසීමට භාවිත කරන අමුද්‍රව්‍ය ලෙස හැදින්විය හැක.  
  දත්ත ආකාර
üප්‍රධාන ආකාර 3 කි.



  ලිඛිත දත්ත
සංඛ්‍යාංක
          {0,.......,9}
අක්ෂර
           {a.....z , A......Z }
විරාම ලක්ෂණ
          {.,*/! }
විශේෂ සංකේත
           { ! @ # $ &}
දෘශ්‍ය දත්ත
ඡායාරූප
පින්තුර
රූප සටහන්
දත්ත වර්ගීකරණය

ප්‍රමාණාත්මක දත්ත

සංඛ්‍යා භාවිතයෙන් මැනිය හැකි දත්ත වේ.

මේවා නියත හෝ සන්තතික අගයන්ගෙන් දැක්විය හැක.
                 »අංක ගණිතමය ක්‍රියාවලියකට භාජනය කල හැක.               »සංඛ්‍යාත්මකව අනුපිළිවෙලකට සැකසිය හැක.                   »සංඛ්‍යා විද්‍යාත්මකව සැකසිය හැක. 

     ගුණාත්මක දත්ත

     •යම් වස්තුවක/පුද්ගලයෙකුගේ/සිද්ධියක ප්‍රකාශ කරන සංඛ්‍යාත්මකව මැනිය නොහැකි දත්ත වේ.

තොරතුරු
දත්ත සැකසීමට භාජනය කිරීමෙන් තොරතුරු ලබාගනියි.
වැරදි දත්ත ඇතුළු කිරීමෙන් වැරදි තොරතුරු ලැබේ.




   තොරතුරු වල නිර්වචන
අදාල පුද්ගලයෙකුට අර්ථවත් වන සේ සකසන ලද දත්ත, තොරතුරු වේ.
අර්ථාන්විත කාර්යයන් සදහා භාවිත කල හැකි ලෙස අර්ථාන්විතව කරන ලද දත්ත තොරතුරු නම් වේ.
කිසියම් පුද්ගලයෙකුට තේරුම් ගත හැකි ලෙස හා ප්‍රයෝජාවත් අර්ථයක් ඇති ලෙස සකසන ලද දත්ත තොරතුරු නම් වේ.

    තොරතුරු වල ලක්ෂණ
අර්ථවත් වේ.
විශ්මය දනවන සුළු වේ.
පෙර දැනුම ස්ථාවර කරයි.
අන්තර් සන්නිවේදන මාධ්‍යයකි.
කාලීන වේ.
තීරණ ගැනීමට උපකාරී වේ.
ආර්ථික මුලාශ්‍රයකි.
සංක්ෂිප්ත වේ.

තොරතුරු වල ලක්ෂණ
අර්ථවත් වේ.
විශ්මය දනවන සුළු වේ.
පෙර දැනුම ස්ථාවර කරයි.
අන්තර් සන්නිවේදන මාධ්‍යයකි.
කාලීන වේ.
තීරණ ගැනීමට උපකාරී වේ.
ආර්ථික මුලාශ්‍රයකි.
සංක්ෂිප්ත වේ.

තොරතුරු වල ගුණාත්මක බව.
තොරතුරු වල ගුණාත්මක බව සඳහා 
» අදාල බව
»පරිපුර්ණ බව
»නිවැරදි බව
»විශ්වාසයක බව
»පැහැදිලි බව
»කාලෝචිත බව
»සුදුසු මාධ්‍යයක් හරහා සන්නිවේදනය කල හැකි බව
            යනාදිය බලපායි.

තොරතුරු වල වටිනාකම
තොරතුරු වල වටිනාකම එහි අදාලත්වය හා කාලය මත රඳා පවතී.
                                   තොරතුරක් ලැබෙන මොහොතේ එහි වටිනාකම උපරිම වන අතර කාලය සමග එහි වටිනාකම ක්‍රමයෙන් අඩුව ශුන්‍ය වේ. මෙය තොරතුරු වල ස්වර්ණමය නීතිය නම් වේ.

0 comments:

Post a Comment

 

අපේ ICT පන්තිය © 2012 | Designed by Cheap Hair Accessories

Thanks to: Sovast Extensions Wholesale, Sovast Accessories Wholesale and Sovast Hair